Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මෙරට ජනගහනයෙන් 20% කට කොරෝනා එන්නත ලබා දීමට පියවර

මෙරට ජනගහනයෙන් 20% කට කොරෝනා එන්නත ලබා දීමට පියවර

කොවිඩ්-19 ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරන එන්නත මෙරට ජනගහනයෙන් 20% ක් සඳහා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

මෙම එන්නත මෙරට භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (09දා) සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණු අතර මෙරට ජනගහනයෙන් 20% කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී එකඟ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී විශේෂ කමිටුවක් පත්කර ඇති අතර, මෙම කමිටුව පත් කර ඇත්තේ අදාළ එන්නත ලබාදීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන්නේ කුමන පිරිස් වලට දැයි තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීමටයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *