Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්…

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක්…

ඉස්ලාමාබාද්, පකිස්ථානය – නැගෙනහිර ලාහෝර් නගරයේදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පෙර පාකිස්තාන පොලිසිය සහ ඔහුගේ ආධාරකරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.

ඛාන්ගේ පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් සිය ගනනක් ඔහුගේ සමාන් පාර්ක් නිවසින් පිටත රැස්ව සිටියදී පොලිසිය අඟහරුවාදා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

සන්නද්ධ වාහනයක් ද කැටුව පොලිසිය ඛාන් ගේ නිවසට ළඟා වන අයුරු රූපවාහිනී ඡායාරූපවලින් පෙන්නුම් කෙරිණි. ඛාන්ගේ ආධාරකරුවන් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයුරුද දක්නට ලැබිණි.

දූෂණ සහ “ත්‍රස්තවාදී” නඩු සම්බන්ධයෙන් සඳුදා ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙක භාර දීමට ඔවුන් ඛාන්ගේ නිවසට යන බව පොලිසිය කලින් ප්‍රකාශ කළේය.

ඛාන් පසුගිය වසරේ සිය දේශනයකදී විනිසුරුවරියකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එක් වරෙන්තුවක් සම්බන්ධ වේ. අනෙක් කරුණ වන්නේ ඛාන් 2018 සිට 2022 දක්වා ඔහු දැරූ තනතුරක් වන අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග විකුණා වත්කම් සඟවා තැබූ බවට වූ චෝදනාවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *