නේපාලයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 67 දෙනකු මියගොස් ඇතැයි 8නේපාල පොලිස් ආරංචි පවසයි. මේ වනවිටත් ස්වභාවික ජල ගැලීම් නායයාම් හේතුවෙන් 30 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අයහපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ අනතුරුවලින් 12දෙනකු තුවාල ලබා ඇතැයිද එරට බලධාරීහු ප්‍රකාශ කරති.
පසුගිය දිනවල ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව නේපාල කාලගුණික අංශ පවසයි.
නේපාලය හා ඉන්දියාව හරහා ගමන් කරන කොසි ගංගාව පිටාර මට්ටමට පැමිණ ඇති බවත් එහි හරස් අමුණු වල පිටාර දොරටු 56ක් විවෘත කර ඇති බවත් සඳහන් වේ.
(ද නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරිණි)
Image – The Newyork Times