Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
විශේෂාංග

නෙත් සිත් පැහැරගන්නා නෙළුම් කුලුනේ අසිරිය

නෙත් සිත් පැහැරගන්නා නෙළුම් කුලුනේ අසිරිය

මෙරට ඉදිවුණු උසම ගොඩනැගිල්ල ලෙස කොළඹ නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 2012 වසරේ දෙසැම්බර් 01 දින ඉදිකිරීම් ඇරඹුණු මෙම නෙළුම් කුළුණ මීටර 350 ක උසකින් යුක්ත වන අතර චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 104 ක ණය ආධාර මත එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කර තිබිණි.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරඹෙන්නේ 2008 වසරේදීයි. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමට අයත් හෙක්ටයාර දහයක භූමියක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක් ඉදිකිරීමට තීන්දු කර තිබූ අතර ඒ සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ විය. එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතුවී තිබූ නෙළුම් මලක් දැකීමෙන් පසු යෝජිත කුලුන නෙළුම් දණ්ඩක් හා නෙළුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අදහස ඔවුන්ට මතුවිය.එයට සියල්ලන්ගේම අනුමැතිය හිමිවී ඉන්පසු එහි සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්ඩක් හා එහි ඉහළ කෙලවරේ වූ නෙළුම් මලක හැඩය ගන්නා ලදී. කෙසේ වෙතත් මුලින් තෝරාගත් පෑලියගොඩ ප්‍රදේශයට නෙළුම් කුලුන හිමිකර ගැනීමේ වරම් නොලැබුණු අතර එය නගරයෙහි සංචාරය කරනා කාගේත් නෙත් සිත් පැහැර ගන්නා මනරම් දසුනක් වශයෙන් කොළඹ නගරයට හිමිවිය.

නෙළුම් කුලුන ඇතුළට යන්නේ මෙහෙමයි

නෙළුම් කුළුණට ඇතුල්වීම සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත් ක්‍රමවේදයක් යොදා ගැනේ. එය ප්‍රවේශ ස්ථානයේ දී සලකුණු කිරීමෙන් අනතුරුව කුලුන තුළට ඇතුළු විය හැකිය. පාසල් ළමුන්ට සහන මිලකට මෙම ප්‍රවේශපත ලබා ගත හැකිවේ. ඇතුළත් වීමේ දොරටුක් 4ක් තිබේ. මෙහි බිම් මහල සාප්පු සංකීර්ණ සඳහා වෙන් කර ඇත.

වේගයෙන්ම යන විදුලි සෝපානයෙන් කුලුනේ මුදුනට

මෙහි මගීන් සඳහා විදුලි සෝපාන 3ක් වෙන් කර ඇති අතර ඒවා තත්පරයකට මීටර 7ක වේගයෙන් ධාවනය වේ. මීට අමතරව තවත් සෝපාන 2ක් තිබෙන අතර ඒවා තත්පරයට මීටර 5 ක වේගයකින් ධාවනය වේ. මෙහි ඇති මුළු විදුලි සෝපාන සංඛ්‍යාව 8 කි. මේවා ශ්‍රී ලංකාවේ වේගවත්ම විදුලි සෝපන බව කියැවේ. බිම්මහලේ සිට නෙළුම් කුළුණේ මීටර 245 ක උසින් තිබෙන නැරඹුම් මැදිරිය දක්වා කොටසට යාම සඳහා ගතවන්නේ තත්පර 40ක පමණ කාලයකි.

ශාලා පහසුකම් ගොඩයි

නෙළුම් පොහොට්ටුව කොටසේ තෙවන හා සිව්වන මහල උත්සව ශාලා දෙකකින් සමන්විත වේ. මෙහි එක් ශාලාවක පහසුවෙන් අමුත්තන් 350කට සේවා සැලසිය හැකි අතර ඒ අනුව 700 ක පිරිසකට ඉතා සුවපහසුවෙන් මෙහි අසුන්ගත හැකි වනු ඇත. ඉදිරි අනාගතයේ දී අන්තර්ජාලය හරහා මෙහි වෙන්කිරීම් සිදුකර ගත හැකිවේ. මෙහි ව්‍යාපෘති ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා පවසන්නේ මෙය කුලුනක ඇති ලොව එකම උත්සව ශාලාව බවයි.

කැරකෙන අවන්හල

නෙළුම් කුලුණේ මීටර 234 ක් ගිය පසු කැරකෙන අවන්හල (Revolving restaurant) හමුවේ. මෙහි සම්පූර්ණ වටයක් කැරකැවීම සඳහා ගතවන කාලය මිනිත්තු 90 කි.

කොළඹ වටේමයි රට වටේමයි බලන්න පුළුවන්

මෙය කිසිදු වීදුරු ආවරණයකින් ආවෘත නොවූ විවෘත නැරඹුම් ප්‍රදේශයකි.

ඇන්ටනාව

මෙය සාමාන්‍ය මහජනතාවට විවෘත නොවන කලාපයකි. විද්‍යුත් මාධ්‍ය/ සන්නිවේදන ආයතන සඳහා සම්ප්‍රේෂණ ඇන්ටනා බදු දීමක් සිදුවේ.

මේ අනුව කලකට පෙර කොළඹ විශාලතම ගොඩනැගිල්ල ලෙස නම් දැරූ පිට්ටු බම්බුව නමින් හැදින්වූ ලංකා බැංකු ගොඩනැගිල්ලද, පසුව එම ස්ථානය දිනාගත් ලෝක වෙළද මධ්‍යස්ථානයද (WTC) පරදවමින් අද කොළඹ අහස සිඹිමින් නැග සිටින්නේ නෙළුම් කුලුනයි.

අද දින ජනතා අයිතියට පත්වූ නෙළුම් කුලුන සම්පූර්ණයෙන්ම රජය සතු ගොඩනැගිල්ලක් වන අතර එය අයත් වන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිරිවැය වන ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක් හෙවත් රුපියල් බිලියන 12ක මුදල කුලුනෙන් ලැබෙන ආදායමෙන් ගෙවාදැමීමට නියමිතයි. නෙළුම් මල මගින් අර්ථ ගැන්වෙන්නේ ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුවයි. මෙහි කුලුනේ පාදම සදහාද නෙළුම් මලක හැඩය යොදාගෙන තිබේ. නෙළුම් දණ්ඩක පැහැය ගන්නා කොළ පැහැයෙන් කුලුන වර්ණ ගන්වා ඇති අතර නෙළුම් පෙති වල රාමුව වානේ වලින්ද, එහි පෙති වීදුරු වලින්ද නිමවා ඇත. වෙනස් වන වර්ණයන්ගෙන් යුතු එල්.ඊ.ඩී. බල්බ වීදුරු පෙති සදහා සවිකොට ඇති අතර වෙසක්, අවුරුදු හා නත්තල් වැනි උත්සව කාල වලදී ඒ ඒ උත්සවයන්ට ගැලපෙන වර්ණයන්ගෙන් එම පෙති විචිත්‍රවත් කිරීමට නියමිතයි. මෙලෙස අලංකාරවත් ලෙස සකසා තිබීමත් විශේෂිතවූ ආලෝකකරණයත් නිසා රාත්‍රී කාලයේදී සැලකිය යුතු දුරක සිට නෙළුම් පොකුණ දැකගැනීමේ භාග්‍ය ජනතාවට හිමිවෙයි.

(Image- economy next)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *