නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන්ට නඩු

ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් තම නිල නිවාස බාර නොදුන් ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බවත් තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බවත් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි. මේ හේතුව නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *