පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලීසිය විසින් සිදුකරනු ලබන නිරෝධායන මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 108ක් අත්අඩංගුවටගෙන ඇති බවය. මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන වැරදි සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවටගෙන ඇත.
පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,755ක පිරිසක් වන අතර, ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කළුතර ප්‍රදේශයෙනි.