විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා නොගොස් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පුද්ගලයෙකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස 6ක සිරදඬුවමක් විඳීමට සිදුවන බවත් රුපියල් දෙදහසේ සිට රුපියල් දසදහසක් දක්වා දඩ මුදලකට යටත් විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.
එසේම මෙම කාල සීමාව තුළ නම් කරන ලද රටවලින් මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය. තවද 1897 අංක 3 දරන රෝග නිරෝධායනය වැළැක්වීමේ ආඥා පනතට අනුව අමාත්‍යවරයාට රෙගුලාසි පැනවීමට හැකියාවක් පවතින බවටත් දන්වා සිටී.
මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (11 වැනිදා) ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.