නිදහස් පොදුජන සංවිධානයේ සභාපති දිනේෂ්, ජාතික සංවිධායක විමල්

දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙසත් විමල් වීරවංශ මහතා එහි ජාතික සංවිධායක ලෙසත් පත්කර තිබේ.

එමෙන්ම එහි උප සභාපතිවරුන් ලෙස තිස්ස විතාරණ, වාසුදේව නානයක්කාර, , ඩිව් ගුණසේකර යන මහත්වරුන් පත්කර ඇති අතර අසංක නවරත්න, ඩී කලංසූරිය යන මහත්වරුන් උප ලේකම්වරුන් ලෙස පත්කර තිබේ.

අරලිය ගහ මන්දිරයේදී ඊයේ (25) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක සභාව මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *