සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සැදුම්ලත් සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් රන්ජන් රාමනායක මහතා වරදක් කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) පැවසුවාය. ඒ මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය. මන්ත්‍රීවරයාට නාමයෝජනා හිමිවනු ඇති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.