Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

“නව කොරෝනා” වෛරසය පාලනයට නාවික හමුදාවෙන් පෙරහුරුවක්

“නව කොරෝනා” වෛරසය පාලනයට නාවික හමුදාවෙන් පෙරහුරුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී “නව කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ සිට ගොඩබිම ඇති අදාල රෝහලක් වෙත රැගෙනයාම සහ ගොඩබිම විශේෂ කළාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා හරහා රට තුලට ඇතුළුවීම පාලනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ මූලිකත්වයෙන්, සුවසැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් හා එක්ව 2020 මාර්තු 13 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී, නෞකාවක මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හමුවුවහොත් එම රෝගියා ආරක්‍ෂාකාරීව සහ කඩිනම් ප්‍රථිකාර සඳහා අදාල රෝහලක් කරා යොමු කිරීම, වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයන් වෙත අසාදනය වැළැක්වීම සඳහා ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් රටතුළ ඇති හදිසි අවශ්‍යතාවය සඳහා කඩිනම් පියවරක් ලෙස ක්‍රියාත්මක කළ මෙම පෙරහුරුව සඳහා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ. නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වරාය අධිකාරියේ නිලධාරීන්, හා නාවික හමුදා පුද්ගලයින් රැසක් සහභාගී වී සිටින ලදි.

(උපුටා ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවියෙනි)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *