මෙරට කොරෝනා රෝගීන් ගණන 10 දක්වා ඉහළට (UPDATE)

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී. ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. මිට අමතරව කොරෝනා වෛරසය වැළදුණු 10 වන රෝගියා කොරෝනා ආසාධිත රෝගියෙකුගේ ඥාතියෙකු වන 17 හැවිරිදි තරුණියක් බවට වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වනවා.

____________________________________________________

මෙරට 8 වැනි කොරෝනා ආසාදිත පුද්ගලයාත් වාර්තා වේ

කොරෝනා ආසාධනය වූ වයස අවුරුදු 42ක් වු පිරිමි පුද්ගලයෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ඒ අනුව ඔහු මෙරටදී කොරෝනා ආසාධනය වූ 8 වැනි ශ්‍රී ලාංකිකයා වේ.

මේ වන විට ඔහු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මොහුද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *