නවීමලයා අභයභූමියේ නීති විරෝධීව වැලි ගොඩදැමූ පස්දෙනෙකුට ඇප

නවීමලයා අභයභූමියෙන් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස වැලි ගොඩදැමූ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් පස්දෙනෙකු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැප්තැම්බර් 2 වැනිදා අභයභූමිය තුළ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නිලධාරීහු පැවසූහ.

අධිකරණය විසින් එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කන්තලේ වනජීවී කාර්යාලය මගින් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *