Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ගෝලීය තෙල් මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල වහාම ඉහළ නොදමන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

ගෝලීය තෙල් මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල වහාම ඉහළ නොදමන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද, මෙරට ඉන්ධන මිල වහාම ඉහළ නැංවීමට කටයුතු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

CPC සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී මිල වැඩි කරන්නේද නැද්ද යන්න පිළිබඳව දැනුම් දෙන බවයි.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ආතතීන් මෙන්ම රතු මුහුද සහ බාබ් එල් මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන පරිදි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.06ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් පමණ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සමාලෝචනය මෙම මස අවසානයේදී යළි සිදු කිරීමට නියමිතය.

මේ අතර, ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් ඩීසල් අලෙවිය සීමා කර ඇති බවට වාර්තා පළව තිබුණද, සිපෙට්කෝ පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවද රාජකරුණා මහතා සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *