සංචාරක් ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය අද(11) සමත් විය.
අද පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් රැස් කළ අතර කේ.එල්.රාහුල් ශතකයක් ලැබීය. නවසීලනතය පන්දුවාර 47යි එක් පන්දුවකදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 300ක් ලබමින් තරගය ජය ගත් අතර මාටින් ගප්ටිල්, හෙන්රි නිකලස් හා කොලින් ඩි ග්රෑන්ඩ්හෝම් අර්ධ ශතක ලැබූහ.
දෙරට අතර පැවැති පළමු තරගයේදී ඉන්දියාව ලැබූ දැවැන්ත ලකුණු 347 හඹාගිය නවසීලන්තය තරගය ජයගනිමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලැබීය.
දෙරට අතර පැවැති 20-20 තරගාවලිය 5 -0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.