නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා බුලත් විට කෑම සහ විකිණීම තහනම්

බුලත් කෙළ ගැසීම හේතුවෙන් ශී‍්‍රපාද පුදබිම අපවිත‍්‍රවීම සහ බුලත්විට පිළිකා රෝග කාරකයක් වීම හේතුවෙන් නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාදය උඩමළුව දක්වා බුලත්විට කෑම සහ බුලත්විට අළෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කර තිබෙනවා. ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා වන්දනා කරුවන් විශාල පිරිසක් භාවිතා කරන මාර්ගය නල්ලතන්නිය මාර්ගයයි.

ශී‍්‍ර පාද පුදබිම පිරිසිදුව තබාගැනීමේ අරමුණින් මෙවර ශී‍්‍ර පාද වන්දනා සමයේදී සියළු දෙනාගේ එකඟතාව මත මෙවැනි තීරණයක් ගත් බවයි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී ජී එච් එස් ගෝදාපතිරණ සදහන් කරන්නේ. කෙසේවෙතත් නල්ලතන්නියේ සිට ශී‍්‍රපාද උඩමළුව දක්වා ඇති වෙළදසැල්වල ඔසුවිට නමින් විටක් අළෙවි කරන බවටද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *