ජල ඒකක 15 ඉක්මවා භාවිතා කළොත් ගාස්තු වැඩි වේ.

ජල ඒකක 15 කට වඩා භාවිතා කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටී. ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන්, මහා පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත වලින් අය කරනු ලබන ජල ගාස්තුව ඉතා අඩු බැවින් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ජල ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටි. ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *