පසුගියදා කොළඹ පැවති ප්‍රහසන සංදර්ශනයක් අතරතුරදී බුදු දහමට අපහාස කළ බව කියන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
“බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අගෞරවයක් වන අයුරින් ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
අදාළ වීඩියෝ පටය අන්තර්ජාලයට එක් කළ කාන්තාව සහ තවත් පුද්ගලයෙකු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.