ඊයේ (06) දිනයේ නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවක් පැවැත්වුණි. රට පුරා ඇති කුඩා නගර සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි ලෙස විධිමත් ලෙස සංවර්ධනය කළයුතු බවට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. තලවකැලේ ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුන් ලෙස දැක්වූ ඔහු එම නගර නවීකරණය කළ හැකි ආකාරය පිළිඹදවද වැඩි දුරටත් සාකච්ඡා කරන ලදී.
මීට අමතරව වේරැස් ගඟ ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිඹදවත්, උපරිම තාක්ෂණය යොදා කැලි කසල කාබනික පොහොර බවට පත්කිරීමේ ක්‍රියාවලියට සැලසුම් සම්පාදනය කරන ලෙසටත්, බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු හා එයට අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථාන වසා දැමීම පිළිඹදවත් මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එමෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහාය ඇතිව ගොඩගැසී ඇති වැලි නිධි ඉවත්කර වැලි මිල පහත හෙලීම පිළිඹදවද අවධානය යොමුවී ඇත.
Regards for sharing your great site.|