හිටපු ජනපතිගේ උපදෙස් මත ඇවන්ගාඩ් සමාගම යළි සක්‍රීය වීමේ සූදානමක්

දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නිදහස ලබා පැමිණීමෙන් පසු එම සමාගමෙහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව සමාගමේ වැඩ කටයුතු නැවත ආරම්භ කර ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලැබී තිබේ. පසුගිය වසරේ ජුනි මාසයේ මෙම අවසරය ලැබී ඇති බවටත් වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා.

මීට අමතරව ඇවන්ගාඩ් සමාගම මුහුදු ආරක්‍ෂක කටයුතු පිළිඹද දැනුමෙන් පිරිපුන්, රැකියා උත්පාදනයෙන් හා සේවා සැපයීමෙන් මෙරට ආර්ථිකයටද විශාල දායකත්වයක් ලබාදෙන සමාගමක් වශයෙන් කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දැක්වෙන බවද සදහන් වේ.

18 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *