සිංහල බෞද්ධයන්ගේ යුතුකම්
සිංහලයෝ කියන්නේ කව්ද කියා දැනගැනීම ඉතාමත්ම ඕනෑකරණ කරුණකි. ස්වකීය ජාතිය ගැන කාරණා දැනගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතුවේග රටට ආලයක් උපදින්ට නම් ඉතිහාස කථා කියවීම යුතුයි. ලංකාකථාව අන්තර්ගත මහා වංශය කියවීමෙන් අපේ ජාතියට මාතුළ මහත් ආසාවක් උපන්නේය.
ඔය කථා ප්‍රවෘත්තිය දැනගත්තාට පසු මිෂනාරීවරුන්ගේ තිබෙන ප්රයෝගද ඉංග්රිසිකාරයින් කෙල අඳිමින් වෘක්ෂලතාදීන්ට නමස්කාර කරමින් ඉතා වනචර ස්වභාවයක සිටි කාලේදී ලංකාවේ සිංහල රජවරු සහ වැසියන් ඉතා මාහැඟි මාලිගාවල වාසය කරමින් ශිෂ්ටාචාරකමින් අගතැන් පැමිණ සිටි බවත් මම දැනගත්තෙමි. ඔය කාලයේ දී ලාංකිකයෝ චීනල බුරුමල සියම්ල කාම්බෝජ ආදී පූර්වදිග දේශවලට පැමිණ බුද්ධාගම පිහිටෙව්වෝයග විශුද්ධිමාර්ග ආදී ඉතා වැදගත් ප්‍රයෝජනවත් පොත්පත් කළ රජවරුන් සහ අන්‍ය පණ්ඩිත ජනයා ලංකාවේ මීට වර්ෂ 700 යකට ඉහත සිටියෝය. සිංහලයන් විසින් කරණලද බෝධිවංස ජාතකමාලාදී ප්රශස්ත පොත් පිටදේශවල ජනයෝ සමාදරයෙන් පිළිගෙන භාවිතාකරන්ට පටන් ගත්තෝය.
නුමුත් දැන් සිංහල ජනයා ඉතාමත් කනගාටු අන්දමකට පැමිණ සිටීග අනිකුත් බොහෝ ජාතීන්ට වඩා අපේ සිංහල ජාතිය ඉතාමත් අන්තිම ස්වභාවයකට බැස සිටියි. ඉංග්රිසිකාරයින් සහ අන්‍යජාතික උදවිය විසින් සිංහල මනුෂ්‍යයන්ගේ නරක ප්‍රකාශිත පොත් ප්‍රසිද්ධ කර තිබේග අප සිංහලයින් ඉංග්‍රිසි තුන්වෙනි හෝ හතරවෙනි පොත කියන්ට පුළුවන්වුන හැටියේම කල්පනා කරන්නේ හෝටලේක නොහොත් වෙනයම් ඉංග්රිසිකාරයෙක් යටතේ ඉතාමත් ටික පඩියකට රක්ෂාවකට යාමයි.
ලෝකයා විසින් සිංහල ජාතිය ඉතා නීච ජාතියක් කොට සලකනවා දැකීම ඉතා කනගාටුවකි. දැනට අනුරාධපුරයේ ජරාවාසව තිබෙන්නා වූ ශිලාලෙඛන සහ ශිලාකර්මනාත් බැළුවාම එවකට සිටිය සිංහල වර්ගයාගේ වික්‍රමාන්විත භාවය ඉතා යස අන්දමට දැනගත හැකියිග එසේ වික්‍රමාන්විත ක්‍රියා කළානම් දෙශන්තරවල ගියානම් දැන් සිංහලයන්ට එසේ කරන්ට බැරි ඇයි?
ලෝකේ සිටින නානාවිධ ජාතිවල මිනිසුන් සම මම කථා කළෙමිග නැවේදී මාළ සිටිය වැඩ කරුවාගේ නම මොකක් ද? දියෙස්ල සිංහල මිනිසුන් ප්රෙරාල සිල්වාල අල්මේදාල පොන්සේකා ආදී අන්‍ය ජාතිකයින්ගේ නම් ගැනීම කොපමණ නින්දිතද? ජපන් රට දේශවාසීන් දිහා අපි බලමුග චීන දේශවාසීන් දිහා අපි බලමුග ඔවුන්ගේ නම් සහන් කළවිට ක්ෂණයකින්ම මොහු ජපන් කාරයෙක් මොහු චීන මනුෂ්‍යයෙක් කියා දැනගන්ට පුළුවනග අපේ ජාතියට අයිති ඉතා ලක්ෂණ නම් තිබියදීත් අන්‍ය ජාතිකයන්ගේ නම් ගැනීම කොපමණ අසෝබනද? හැදෙන සිංහල ළමයින්ට අප සිංහල ජාතියට අයිති නම් තබනවා ඇතැයි කියා මම බලාපොරොත්තු වෙමි.
බුරුම රටේ ඉංග්‍රිසි කාරයින්ට කියන්නේ “කලාය” කියාය. දෙමළුන් කියන්නේ “වෙල්ල කාරෙන්” කියාය. නමුත් සිංහලයෝ කොයි පරසුද්දාටත් “ණමහත්මයා” යයි කියති. මොවුන්ට වාල්වැඩ නොකොට අන්‍ය රක්ෂාවලින් තමන්ගේ ජීවිකාව කළයුතුයි.
මහාවංශය කියවීමෙන් අපට බොහෝ ප්‍රයෝජන වෙනවාට කිසිම අනුමානයක් නැහැ. ලංකාවේ රජකළ දේවානංපියතිස්ස රජහුගේ කාලයේ දී දඹදිව රජකළ ධර්මාශෝක රජුගේ පුත්‍රවූ මහාමහේන්ද්ර ස්ථවිරයන් විසින් ලක්දිවට බුද්ධාගම ගෙනාබව කවුරුත් දනිතිග ඒ උත්තම සර්වඥශාසනය ලංකාවේ පිහිටෙව් නිසා සිංහල ජාතිය අන්තිමට වෙනස්කර දමන්ට නුපුළුවන්ව තිබේග ඒ සර්වඥරාජොත්තමයාගේ බලය නිසා අපට බොහෝ ප්‍රයෝජන ලැබී තිබේ. සර්වඥයන් වහන්සේ වදාරා තිබෙන්නේ තමාගේ යහපත් ශීලයක් තිබේනම් ඒක කාටවත් වෙනස්කළ නොහැකි බවයිග ඒ උත්තමයාගේ ධර්මය පිළිපැදීමෙන් අපට දියුණු ස්වභාවයකට පැමිණිය හැකිය.
පසුගිය මාස දහය තුළ හැතැප්ම විසිඅටදාහක් පමණ මම රටවල්වල සංචාරණය කළෙමි. විසිවෙනි ශතවර්ෂයේදී ඉතා පුදුම දේවල් සිද්ධවෙනවා ඇති. තව පස් අවුරුද්දක් තුළ අපි සද්ධර්මයෙහි හැසිරෙන්නෙමු නම් අපට බොහෝ දියුණු අඩියකට ඒමට පුළුවන් වේ. පරාර්ථකාමී ගිහියෝ හෝ පැවිදි තැනැත්තෝ ගම් ගම්වලට පැමිණ ඒ ගම්වාසී සුචරිත ධර්මයෙහි හසුරුවත්නම් අපේ මතු දියුණුවට මහත් හේතුවක් වෙනවා ඇත.
දඹදිව ගැණ කාරණා රාශියක් කියන්ට තිබේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය කාලයේදී ස්පර්ශයකරණලද ඉඩම් දැන් සොයාගෙන තිබේග බුදුරජාණන්වහන්සේ සංඝයාවහන්සේලා හැටනමක් රැස්කොට ධර්මය නොයෙක් දේශවල ප්‍රකාශකරව් ආඥාව දී වදාලසේක. බුදුරජාණන්වහන්සේ විසින් සද්ධර්මයෙහි පිහිටෙව්වා වූ බ්රාහ්මණයෝදල නිගන්ඨයෝ සහ අන්‍ය ජාතික මනුෂ්‍යයෝද දැනටත් දඹදිව සිටිත්ග එවකට කාසාවස්ත්රවලින් බැබළුවා වූ දඹදිව දැන් විහාර පන්සල් නැහැග යහපත් සංඝයාවහන්සේලා සිතට ගනිත්කම් පෙරවාගේම දඹදිව බුද්ධාගම පතුරුවා හරින්ට පුළුවනි. මතු ජාතියෙහි සැප ලැබීම පිණිස එහි සිටින සමහර ශ්‍රාවකයෝ ගිනි පුදතිග සමහරෙක් මිථ්යාවෘතයන් සමාදන්වෙති. ශීල සම්පන්න භික්ෂූන් වහන්සේලා දැනටත් සිටිත්නම් පුරාණ කාලයේ දී වාගේම නැවතත් බුද්ධාගම දේශ දේශාන්තරවල පතුරුවාහරින්ට පුළුවන් බව ප්රත්යක්ෂ වශයෙන්ම කියහැකිය. ඉතා ක්‍රෑර වනචර මිනිසුන් සිටින්නා වූ අප්රිකාවටල ඉතා දකුණින් පිහිටා තිබෙන්නා වූ ඕස්ට්‍රේලියාවට තමන්ගේ ස්වකීය රට අත්හැර තමන් නෑදෑ මිත්‍රයන් අත්හැරදමා ක්‍රිස්තියානි ධර්මය පතුරුවා හැරීම පිණිස එංගලන්තයෙන් සහ ඇමරිකාවෙනුත් බොහෝ පාදිලිවරු අවුරුදු පතා යති. නුමුත් අපේ සංඝයාවහන්සේලා උපේක්ෂාවම සලකනවා මිස ප්‍රත්‍යන්ත ජනපදයන්හි බුදුසසුන් පතුරුවා හැරීමට කල්පණා නොකරණබව දැක්ම මහත් ඛෙදයකට කරුණකි.
ලංකාවාසී සලකන්නේ ආත්මාර්ථය පමණයි. ජපන් රටේ අන්දමට අපි හීනයානයට අයිති වුණේ වී නුමුත් අපි වීර්ය්යකරන්නෙමු නම් අපට බොහෝ වැඩ කරන්ට පුළුවනි. බෝධිසත්වයන් වහනව්සේ හිස් මල් ලේ ආදී දේ දන්දුන්නේ පරාර්ථය සලකාගනයි. සිංහලයන්ගේ පරිත්‍යාගය අන්‍ය ජාතිකයින් දෙනවාට ඉතා අඩුයි. වෙන ජාති අයවල් පරාර්ථවැඩ උදෙසා දෙතිග බුදුරජාණන්වහන්සේ විසින් දානය ගැන බොහෝ වදාරා තිබේ. පරාර්ථකාමී වැඩවලට මුදල් පරිත්යාගකිරීමෙන් මහත්ඵල ලැබේ. ලෝකවාසීන්ගේ ප්‍රයෝජනය පිණිස අමරිකන් දේශවාසී බොහෝ දෙතිග පෙරසිටි උතුමන් බුදුරජාණන්වහන්සේගේ ධර්මය පතුරවා හරින්ට ගොස් ජීවිතදානය කර තිබෙන බව පේන්ට තිබෙනවාග එම නිසා දැන් සිටින සංඝයා වහන්සේලා දුක්පීඩාදිය නොසලකා බුද්ධාගම පතුරුවන්ට උත්සාහ කරත්වා.
ක්‍රිස්තියානි ආගමේ වාගේ නොව සර්වඥයන්වහන්සේ නිතරම කීවේ සද්ධර්මය සෑම තැන්හිම පතුරුවා හරින්ටයිග පාප්උන්නාන්සේගේ වියදමට රෝමානු කතෝලිකයෝ අවුරුද්දට වතාවක් එක් එක්කෙනා පැනිය බැගින් දෙකි. ගැලවීමේ හමුදාවේ උදවිය අවුරුද්දකට වතාවක් සුමානයක් දෙකක් පමණ කන බොනදේ අඩුකොට ඊට යන වියදම ඉතුරුකර හමුදාවේ ප්‍රයෝජනය පිණිස දෙති.
සිංහල සහෝදරයින් කල්පනා කරන්ට ඕනෑ පූර්වකාලයේදීම වාගේ දැනුත් අපට වැඩකරන්ට පුළුවන්බව. ඒ අන්දමට වෑයම් කරනවානම් මහත් වැඩවේ. අහෝ උරුවෙල් දනව්වේ සර්වඥයන්වහන්සේ දුෂ්කර ක්‍රියාකළේ කානිසාද? ලෝකසත්ත්වයාට පතලා වූ මහාකරුණාව නිසයිග නුමුත් අපේ සංඝය දැනට සර්වඥයන් වහන්සේගේ අවවාදානුසාසනා පරිද්දෙන් ක්‍රියා නොකිරීම ඉතා කනගාටුයි. උන්නාන්සේලා අසන්නේ දඹදිව ගියොත් අපට ආහාර ලැබේද අනිකුත් උවමනා දේවල් ලැබේද කියායිග මා ආ නැවෙන් ජපන් රටට සහ චීනයට ඒම පිණිස මිෂනාරිවරු විසිගණනක් ආවෝයග ඔවුන් තමන්ගේ දෙමව්පියන් ආදී ස්වකීය නෑයන්ද අනිකුත් ඔවුන්ට අයිති සියලුම සම්පත්ද අත්හැරදමා පරාර්ථකාමී වැඩ උදෙසා ජීවිතය පුදන්ට සූදානම්ව එන ගමනුයිග මේ ඔවුන්ගේ වියදම්වලට උවමනා මුදල් සමාගමක් විසින් සම්පාදනය කරදෙනු ලැබේ.
මනුෂ්‍යයන් කෝටි ගණනකට ඉතා පූජනීය වූ ස්ථානය කොපමණ දුඃඛිත ස්වභාවයකට දැනට තිබේද? නරශ්‍රෙෂ්ඨ ධර්මාශෝක රජතුමා පවා ඒ කාලයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අල්ලන්නේවත් නැහැ. ඒ කාලේ බෝමැඩ පිරිමැද්දේ ඒ රජුගේ හිසකේ වැටිය කපා සාදන ලද ස්වර්ණමය මුස්නකිනි. ඒ බෝමැඩ අද පිහදාන්නේ කවුද? ඒක ඇසීමට පවා ඉතා කනගාටුයිග චන්ඩාල ගෑනියෙක් ඇගේ දොර ඇමදීමට පවා භාවිතාකරණ ඉලපතකින් ඒ බෝමැඩ දැනට අමදින්නීය.
පසුගිය නොවෑම්බ්ර මාසයේ චිකාගෝ නුවරදී පැය සතරක් ඇතුළතදී පවුන් 10,000ක් ක්‍රිස්තියානි ආගමේ වැඩවලට එකතුකළා. පරාර්ථකාමී වැඩවලට ඔවුන් බොහෝ සේ ධන පරිත්‍යාග කරන්නාක් මෙන් ඔවුන්ට බොහෝ ආදායමක් දලැබේග ශ්රද්ධාවන්ත බුද්ධාගම්කාරයෝ වීර්ය්යගෙන වැඩ කරත්නම් දඹදිව තිබෙනා පූජනීය ස්ථාන අපට අත්කරගන්නට පුළුවන් වෙනවා සත්තකයි.
චිකාගෝ නුවරට යාම පිණිස මම ගිය ජූලි මස 16 වෙනි දින කොළඹින් පිටත්ව සුවසේ එංගලන්ත දේශයේ ප්‍රධාන නුවර වන ලොන්ඩන් නුවරට පැමිණ එක දවසක් එහි නැවතී සිට කිසි පීඩාවක් නැතිව පිටත්ව ගියෙමි. එංගලන්තයේ නැවතී සිටිය කාලයේ දී ශ්‍රීමත් ඇඩ්වින් අර්නෝල්ඩ් තුමාල බැසන්ට් මැතිනිය සහ අනිකුත් පරමවිඥානාර්ථ සාමාජිකයින් විසින් මට පෙන්වූවාවූ ආදරය අපමාණයි. නිව්යෝර්ක් නුවරදීත් එසේම පරමවිඥානාර්ථ සමාගමේ සාමාජිකයින් විසින් පිළිගන්නා ලදීග චිකිගෝ නුවර පැවැත්වූවාවූ දාෂ්ටි සංගමයට පැමිණුනාවූ මනුෂ්‍යයෝ අප්රමාණයිග එහි කරන කථාවල් ශ්‍රවණය කිරීම පිණිස ඇතැම් ස්ත්‍රී පුරුෂයන් උදේ අටට ආවාම සවස පහට පමණයිල ගෙදර යන්නේ. එපමණ දුක්දරාගණ ඒ මිනිස්සු සත්‍ය කුමක්ද කියා දැන ගැනීමට වීර්‍ය්‍ය කරනව.
දෘෂ්ටි සංගමය පැවැත්වූ 20 දවස තුළ එක් දවසට මිනිසුන් 5ල000 ක් 6ල000 ක් පමණ මධ්‍යයේ දි මම බුද්ධාගම සම්බන්ධ කථාවල් කළෙමි. බුද්ධාගම සම්බන්ධ කථාවල් කරන බව දැන ගත්තාම කථාව පටන්ගන්ට පැයකට වාගේ ප්‍රථම විශාල ශාලාවල දොර වහනවාග මක්නිසාද කීවොත් එපමණම සෙනග අවුත් ශාලාව පිරීමෙන් මහත් හිරිහැර පැමිණෙන බැවිනි. ඔවුන්ගේ බුද්ධාගම සම්බන්ධ ධර්මයන් ඇසීමට තිබුණා වූ මහත් ආසාව මම දුටුවෙමිග බුද්ධ ධර්මය මනාසේ දත් සංඝයා වහන්සේලා එහි යවන්ට පුළුවන් නම් බුද්ධ ධර්මය එහි පතුරුවා හරින්ට හැකි බව මට ප්රප්යක්ෂ වශයෙන්ම වැටහුනා.
එහි සිටිනා පණ්ඩිත සමූහයක් එකතුව ඉතා ගාම්භීර කාරණා සම්බන්ධ ප්‍රශ්න 23 ක් සාදා පොතක් මුද්‍රණය කරවා මඩා වෙතත් එවා තිබුනේයි. මම කල්කටාවේ සිට මේ ගමන යන්ට කොළඹට පැමිණුන වතාවේදී මේ පොතේ තිබෙන ගාම්භීර ප්රශ්නයන් ශ්‍රී සුමංගල නායක ස්ථවිර ස්වාමිපාදයන්වහන්සේට පෙන්වා එක් දිනක් එම ස්ථවිරෝත්තමානන්ද හෙයියන්තුඩුවේ දේවමිත්තල ඤාණීස්සර යන සත්දත් ධර්මධර ස්වාමීන්වහන්සේලා දල විජයසිංහ මුදලිතුමාදල බුල්ජන්ස් මහතාද පිරිවෙණට රැස්ව එම ගම්භීර ප්‍රශ්නවලට බුද්ධාගමේ උගන්වා තිබෙන ආකාරයට දුන්නාවූ උත්තර ලියාගෙන ගියෙමි. දෘෂ්ටි සංගමයට අනිකුදු භක්ති ප්‍රකාශ කිරීමට ආ දූතයෝ ඒ ප්‍රශ්න තුනකට හතරකට වඩා උත්තර නුදුන්නෝය. ඒ ආගම්වල අසාරවත්කම මෙයින් ඔප්පු උනෝය. ඒ ප්‍රශ්න විසිතුනටම බුද්ධාගමේ උගන්වා තිබෙන ආකාරයට උත්තර දුන්නාට එහි පැමිණ සිටිය පණ්ඩිත උදවිය සහ අනිකුත් අවශෙෂ අයද බුද්ධාගම කෙරෙහි මහත් ප්‍රීතියක් ප්‍රකාශ කළෝයග අන්‍ය ආගම්වල මේ සමාන යහපත් ධර්ම නැති බව බොහෝ රාශියකට වැටහුණු බව මට දැනගන්ට ලැබුනේයග මාගේ කථාවල් ශ්‍රවණය කරන්ට ආවාවූ උදවිය සහ ජපන් රටින් බුද්ධාගම වෙනුවෙන් පැමිණ සිටිය දූතයන්ගේ කථා ඇසීමට පැමිණි අය අප්‍රමාණයි. හැතැප්ම 28,000 ක් පමණ ගමන් කර එහිදී කළ ඒ වැඩවලින් සාර්ථක කතාවක් උනා නිසැකයි.
Please share this on face book
Thanks, this website is really valuable.|
Whoa, such a good internet site.|
Great internet site! It looks really expert! Maintain the great work!|
Basically wanted to stress Now i’m thankful that i came on the site!|
{
Truly, such a good web page.|
Wow, beautiful website. Thnx …|
Keep up the excellent work and producing in the group!|
Wow because this is excellent work! Congrats and keep it up.|
thnx for sharing your awesome site.|
thank so considerably for your web site it helps a lot.|
Thanks really handy. Will share site with my good friends.|
Great internet site! It looks really expert! Sustain the helpful work!|
You’ve gotten possibly the best online sites.|
I enjoy this site – its so usefull and helpfull.|
}
Appreciate it! This is definitely an impressive internet site.|