දෙමටගොඩ වෙඩි තැබීමේ සිද්ධියකට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ, දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකුද සිටින බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු  ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී ICE මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.900ක් සොයාගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ජූලි 23 වැනිදා දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ කළ සිද්ධියේදී මෙම සැකකරු යතුරුපැදිය පැදවූ පුද්ගලයා ලෙස කටයුතු කර ඇති බවයි.

ඔහු සමඟ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවත් පුද්ගලයෙකුද සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අපරාධයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව බොරැල්ල පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *