බදුල්ලේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන දුන්හිඳ ඇල්ලේ නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20ක වියදමින් නිල වශයෙන් වැඩ ආරම්භ කෙරිණි.
වත්මන් නැරඹුම් වේදිකාව අසලදී මෙම ව්‍යාපෘතිය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
වසර 50කට වැඩි ඉතිහාසයක් ඇති අතර මේ වනවිට දැඩි ලෙස අබලන්ව පවතින පැරණි නැරඹුම් වේදිකාව වෙනුවට මෙම නව පහසුකම ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර, දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩාත් පහසු නැරඹුම් පහසුකම් සහ අනෙකුත් අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම මෙහි අරමුණ වේ.
එමෙන්ම, සංචාරකයන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සහ ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.
මෙම අවස්ථාවට සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න ඇතුළු නිලධාරීහුද එක්ව සිටියහ.


