දියණියට පහර දෙන සීසීටීවී වීඩියෝ පටයක් නිසා සුළු මව රිමාන්ඩ්…

රාගම ප්‍රදේශයේදී සිය 17 හැවිරිදි සුළු දියණියට ශාරීරික වධ හිංසා කළ කාන්තාවක් 2023 මාර්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රාගම කුරුකුලෑව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී 39 හැවිරිදි මෙම කාන්තාව විසින් අදාළ තරුණයාට පහරදී ඇති බවයි රාගම පොලීසිය සඳහන් කළේ.

තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම උතුර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මව මියයාමෙන් පසු දරුවාගේ පියා වෙනත් විවාහයක් කරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම කාන්තාව 09 හැවිරිදි දියණියකගේ මවක් වන අතර පියා විදේශ රැකියාවක නිරත වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රාගම – කුරුකුලෑව ප්‍රදේශයේ නිවසක නව යොවුන් වියේ දරුවෙකුට පහර දෙන බවට ලද තොරතුරක් මත පොලීසිය අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමේ වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචලිත වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසිය පොළඹවා ඇත.

සිද්ධියේ වීඩියෝව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *