එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය.
ඊයේ දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 102,376කි. ඉන් ආසාදිතයින් 94,577ක් සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. රෝගීන් 7,152 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර තවත් කොවිඩ් අසාදිත මරණ 03ක් ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළගොස් ඇත.