මේ වනවිට රටතුළ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාව සතු වගකීම පිළිඹදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ මහතා පැවසුවේ කිසියම් පුද්ගලයෙකුට පපුවේ කැක්කුමක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, උදරාබාදයක්, හිසරදයක් පවතී නම්, එම රෝගී තත්වයන් තමන්ට දරාගත නොහැකි වනතෙක් ඉවසාගෙන නොසිට රෝහල් ගත වන ලෙසටයි. එමෙන්ම
තමන්ගේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වය යටතේම කිසියම් වේදනාවක් ඇතිවන්නේ නම් රෝහල් ගත වන ලෙසටද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.