Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

තුර්කි රජය FETO ත්‍රස්තයින් පිළිඹදව දන්වා එවූ ලිපිය ගැන මෙරටට බලධාරීන් අවධානය යොමු කර නෑ.

තුර්කි රජය FETO ත්‍රස්තයින් පිළිඹදව දන්වා එවූ ලිපිය ගැන මෙරටට බලධාරීන් අවධානය යොමු කර නෑ.

තුර්කියේ ක්‍රියාත්මක ෆේටෝ (Fetullah Terrorist Organization – FETO) ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 ක් ලංකාවට පැමිණ ඇති බවට තුර්කි රජය මෙරටට එවූ ලිපිය කෙරේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් නිසි අවධානය යොමු නොකළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් මහත්මිය පවසයි. එතුමිය මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදෙමිනි.

2016 අගෝස්තු 24 දින තුර්කි තානාපති කාර්යාලය මගින් පිටු 12 කින් සමන්විතව එවා තිබූ මෙම ලිපිය මගින් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම විමතියට කරුණක් බවද මාලිකා ශ්‍රීමති පීරිස් මහත්මිය සඳහන් කළාය.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේදී රැස්වූහ.

සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුවගේ මහතා සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය ද මෙම ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.

තුර්කි රජය ලංකාවට එවන ලද එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මෙම තිදෙනාගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *