ඇදිරි

තායිලන්ත වෙඩි තැබීමකින් 12 දෙනෙකු ඝාතනය වෙයි

තායිලන්තයේ ඊසානදිග පළාතක් වන නකොන් රට්චසිමා හිදී තායි සොල්දාදුවෙකු කල වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සොල්දාදුවා තම කඳවුරෙන් හම්වී රථයක් සොරකම් කර ඇති අතර කෝරත් නගරය වටා ගමන් කරමින් වෙඩි තැබු බව පොලිසිය පවසයි. නගරයේ සාප්පු මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමේ දර්ශනයක් සමාජ මාධ්‍යවල පළ වන අතර සාප්පු මධ්‍යස්ථානය නඛොන් රට්චසිමා ලෙසද හැඳින්වේ.

ඝාතකයා ජක්‍රපන්ත් තොම්මා (Jakraphanth Thomma) නම් අයෙකු බවත් හෙතෙම තම ප්‍රහාරය සමාජ මාධ්‍යවල සජීවිව ලබාදුන් බව වාර්ථා වේ.

“මම අත්හැරිය යුතුද?” ඔහු විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද පණිවිඩයක් වන අතර ඔහුගේ අරමුණ පළිගැනීම බවද සදහන් කර ඇති බව වාර්ථා වේ..

ඔහු පෞද්ගලික නිවසකට වෙඩි තබා ඇති අතර එහිදි දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවක්කුකරු ටර්මිනල් 21 කෝරත් සාප්පු සංකීර්ණය තුළ පැන ගොස් ඇති බව වාර්තා වේ.

 

 

 

 

ด่วน !!! คลิป ไอ้เหี้ย ม คนร้ายที่กราดยิงอยู่ในห้างเทอมิน่อล หลายชีวิต พกอาวุธสงคราม จิตใจทำด้วยอะไร Cr. Jakrapanth Thomma

Posted by แม่ป้า ขายของ on Saturday, 8 February 2020

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *