තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහාධිකරණ නඩු විභාගය අත්හිටුවයි

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවති නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු නතර කළ බව බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.

මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ පවුලේ ඥාතින් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති අතර, ඒ සමග කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අත්හිටුවන බවයි.

නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මියගොස් සිටි වසීම් තාජුඩින් ගේ මරණය සැක කටයුතු බවට වාර්තා පළ වුණු අතර, අනතුරුව එම සිද්ධිය සම්බන්ධ සාක්ෂි වසන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *