තව අවුරුදු දෙකක්වත් කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙනවා – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

පවතින කොවිඩ් ව්‍යප්තිය මත තවත් වසර දෙකක පමණ කාලයක් මෙරට ජනතාවට එම වෛරසය සමග දිවි ගෙවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර සිටියි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (04) සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ වනවිට මෙරටින් දිනකට කොවිඩ් ආසාදිතයන් පන්සීයකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වීම තරමක් දරුණු තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කර සිටියි. මේ වනවිට හැටදහසක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බවත්, ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා අනුව ආසාදිතයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බැවින් ඉදිරිය පැහැදිලි නෑ කියලා කියන්න පුලුවන්. ඒ වගේම කොරෝනාව අපි හොඳින් මර්දනය කර ඇතැයි කියලා කියන්නත් හැකියාවක් නැතැයිද ඒ මහතා පවසා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ සෞඛ්‍ය අංශ මගින් රටේ ජනතාව දැනුවත් කර ඇති කොවිඞ්-19 වෛරස පැතිරවීම වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශයන් පිළිපැදීම හැර මෙම වෛරස් රෝගී තත්ත්වය පාලනය කිරීමට වෙනත් විකල්පයක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *