සහරාන්ගේ

තවූහිත් ජමාත් අවි පුහුණුව ලැබූ බවට සැක කෙරෙන 61 දෙනෙකු යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය හා සම්බන්ධතාවක් ඇතැයි අඩංගුවට ගෙනසිටි 61 දෙනෙකු ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගතකිරීමට මඩකලපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් එස් ත්‍යාගේස්වරන් මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑලිය ජාතික තව්හිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූ බවට සැකපිට අත් අඩංගුවටගත් කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *