ජේතවනාරාම දාගැබේ ඇති පැළුම් පිළිඹද සොයා බලා පිළිසකර කිරීමට පියවර

ජේතවනාරාම දාගැබේ ඇතිවී තිබෙන පැළුම් කීපයක් පිළිඹද ඩ්‍රෝන කැමරා යොදා දිනපතා නිරීක්ෂණ කටයුතු කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. මෙම පැළුම් සම්බන්ධව සොයා බැලීමට විද්වත් කමිටුවකට භාර දීමට කටයුතු කරන බවත්, පැළුම් ඉක්මනින් පිළිසකර කිරීමට කටයුතු යොදන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජේතවනාරාම දාගැබේ හතරැස් කොටුවට ඉහළින් පිහිටි කොත්කැරැල්ල දක්වා වූ කොටසට 2014 වසරේදී අකුණක් වැදුණු අතර 2016 වසරේ සිට එම අකුණු සැර නිසා මෙම පැළුම් ලක්ෂණ ඇති වන්නට ඇතැයි සැක කෙරේ. දාගැබේ පැළුම් කීපයක් දැකීමට ඇති අතර එක් පැළුමක් අඟල් 09ක් පමණ වෙයි. එම පැළුම් දාගැබ අභ්‍යන්තරය දක්වා විහිදී ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *