තව්හිද් ජමාත් කොළඹ නායකයාට ඇප

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ  පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.

සැකකරුට ඇප දෙන්නැයි කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප දෙනවාට විරුද්ධ නැති බවට නීතිපතිවරයා කළ ප්‍රකාශය මත එසේ ඇප ලබාදුන්නේය.

විශේෂ අධිකරණ වාර්තාකරු

(Image – cnn.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *