කරට කර සටනකින් පසු ලෝක කුසලානය එංගලන්තයට

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වැඩිම හයේ සහ හතරේ පහර ගණනය කිරීමෙන් එංගලන්තයට හිමිවිය.
නවසීලන්තය මුලින් පන්දුවට පහරදී ලබාගත් ලකුණු 241 හඹාගිය එංගලන්තයද පන්දුවාර 50 අවසානයේ ලකුණු 241ක් ලැබූ අතර තරගයේ ජය තීරණය කිරීමට නැවත සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරිණි. එහිදීද දෙපිලම ලකුණු 15 බැගින් ලබාගැනීම නිසා තරගයේ ජය තීරණය කෙරුනේ කණ්ඩායම් දෙක ලබාගත් හයේ පහර හා හතරේ පහර අනුවය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම වැඩි හයේ සහ හතරේ පහර ප්‍රමාණයක් එල්ලකර තිබූ බැවින් 2019 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළදීමේ වරම එංගලන්තයට හිමිවිය.
අවසන් මහ තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සන්ට හිමිවිය.

Image – CNN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *