මිල ගැලපීම පිළිබඳ නියමිත සාකච්ඡාව මෙතෙක් පවත්වා නොමැති බැවින් ඊයේ (මැයි 1) ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවශ්‍ය සාකච්ඡාවලින් අනතුරුව ඕනෑම ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී තීරණයක් ගන්නා බවයි.
මැයි මාසය සඳහා වන සමාලෝචනය අප්‍රේල් 30 වෙනිදා සිදුවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කෙසේ වෙතත්, එවැනි රැස්වීමක් පවත්වා නැත.
ඒ අනුව එම සාකච්ඡාවෙන් පසු මීළඟ සංශෝධනය ක්‍රියාත්මක කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය මාර්තු 21 වැනිදා ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණා.


