ඉන්දියාවේ රැඳී සිටි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් පසුවූ 479 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (12) චෙන්නායි සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඔවුන් කටුනායක ගුවන්තොටුපළට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවත් යුධ හමුදාපතිවරයා පවසයි.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානවලදී මේ වන විට නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 7,000කට අධික පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගෙන ඇති බවද යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය.