Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

තවත් ප්‍රහාරයක සැලසුමක් හෙළිදරව් වෙයි

තවත් ප්‍රහාරයක සැලසුමක් හෙළිදරව් වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ ‍45දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන පසුගියදා දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු විසින් හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කියා ඇත.

මහජන සේවා සංවිධානය නම් සංවිධානයක සභාපති බව කියන රිශාම් මරූෂ්  පවසන්නේ දැනට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ අනුදැනුම යටතේ තවත් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හතළිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැළඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔහු මේ මාධ්‍ය සාකච්ඡාව තුළදී අග්‍රාමාත්‍යවරයා හමුවට ගොස් ගත් සමූහ ඡායාරූපයක් මෙන්ම අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයා සමග ස්කයිප් මාර්ගයෙන් ලබා ගත් වීඩියෝ හා කඳවුරේ සිටින විට ස්කයිප් මාර්ගයෙන් ලබාගත් ඡායාරූප  පෙන්වමින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

“ 52431 සේවා අංක සහිතව කමාන්ඩෝ රෙජිමේන්තු යටතේ ඌව කුඩාඔය කඳවුරේ තමා ට්‍රේනින් වෙලා තියෙන්නෙ. මේ කරන්න යන දේ ගැන අපි බුද්ධි අංශ දැනුවත් කරලා තියෙන්නේ.අනෙකුත් හමුදා බුද්ධි අංශය ඒ හැම කෙනෙක්ම දැනුවත් කරලා තියෙන්නේ. නැවතත් කියන්නේ මෙතන මම මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා නෙවෙයි. අසංක ප්‍රියන්ත කියන පුද්ගලයා නුවරඑළිය ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙයා හදන්නේ ඉස්ලාම් දහම වැලඳගෙන සහරාන් කළා වගේ ප්‍රහාරයක් කරන්න. එයා විවාහ වෙලා ඉන්නේ මුස්ලිම් තරුණියක් එක්ක. එයා වටා ඉන්නේ මුස්ලිම් උදවිය. එයා විවාහ වෙලා ඉන්න කාන්තාව ඉන්නේ මඩකලපුව ප්‍රදේශයේ. එයාට මේ සම්බන්ධ උදව් කරන්න මන්සූර් කියලා පුද්ගලයෙක් පිටරට ඉඳලා මුදල් එවන්නම් කියලා තියෙනවා. මෙයාගේ අවශ්‍යතාව ඉදිරියේදී ඉස්ලාම් දහම වැලඳගෙන එයා වටා ඉන්න හතළිස් පස්දෙනාවත් එකතු කරගෙන පුළුවන් තරම් පිරිස වර්ධනය කරගෙන අරගලයක් කරලා මුස්ලිම් ජාතිය නගා හිටවලා මුස්ලිම් ජාතික කොඩිය ඔසවන්න. මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලිකව කිව්වා. එතුමා මේ සම්බන්ධව හොඳින්ම දැනුවත්. එතුමා කිව්වේ අපි අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා දැනට මාසයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. තාම ක්‍රියා මාර්ගයක් අරන් නෑ. මම කාදිනල්වත් දැනුවත් කළා. ජනාධිපතිතුමා හමුවෙන්නත් ගියා. එතුමා හමු වෙන්න බැරි වුණා. මං අහන්නේ මෙම ප්‍රහාරයකට සාක්ෂි තියෙද්දි ඇයි මේ නිහඬව ඉන්නේ? මේකට තව කෙනෙක් අනුබල දෙනවා. ඒ මඩකලපුව කඳවුරේ වැටුප් අංශ‍ෙය් ‍සේවය කරන රාෆි කියලා පුද්ගලයෙක්. එයාවත් එතනට සම්බන්ධ කරලා තියෙන්නේ මේ අසංක කියන පුද්ගලයා. මේවා හමුදා බුද්ධි අංශයට දැනුම් දුන්නට පස්සේ එයාලා ඒවා හොයලා බලලා. 70% ක් අපි කියන්නේ ඇත්ත කියලා ඔප්පු වෙලා ඉවරයි. එකෙන් එහාට එයාලට කටයුතු කරන්න විදිහක් නෑ. ඒකත් සුපුරුදු පරිදි කාපට් එක යට.” ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ ඔය අන්තවාදී මුස්ලිම් සංවිධාන ඔක්කොම එකයි. බ්‍රාන්ච් ටික විතරයි වෙනස්. ඕක ඉතින් කට කැඩෙනකම් කිව්වත් වැඩක් නෑ. ඥානසාර හාමුදුරුවෝ මෙවා ගැන කතා කරන්න ගිහිල්ලා හිරබතුත් කෑවා. ඒ හින්දා ආරක්ෂක අංශවලට කියන්නේ මේ සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරලා ඔය සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලයි. අනිවාර් යෙන් මටත් ආරක්ෂාව අවශ්‍යයි.” යනුවෙන් ඔහු පවසා ඇත.

මොහු විසින් හෙළි කරන සිද්ධිය සම්බන්ධව අනාවරණය කරගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවත්, මෙවැනි තොරතුරුවලට කලබල නොවිය යුතු බවත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා මේ අතර දන්වා තිබේ.
ප්‍රහාරය ගැන හෙළිදරව් කළ මහහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ්ව  රහස් පොලිසියට කැඳවා ඇත.

(උපුටා ගැනීම – gossiplankanews.com)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *