Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කිංග්ස්බරි ප්‍රහාරයට ආ ත්‍රස්තවාදියාගේ හිස ඥාතීහු එපා කියති

කිංග්ස්බරි ප්‍රහාරයට ආ ත්‍රස්තවාදියාගේ හිස ඥාතීහු එපා කියති

පසුගිය අප්‍රේල් මස මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාවේදී කොළඹ කිංස්බරි හෝටලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය ක්‍රියාත්මක කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ හිස මාස 5කට ආසන්න කාලයක්  කොළඹ මෘත ශරීරාගාරයේ තිබූ අතර එය භාර ගැනීමට ඥාතීන් කිසිවකු ඉදිරිපත්ව තිබුනේ නැත.

මේ නිසා බෝම්බකරුගේ හිස භාරගැනීමට ඥාතීන් ගෙන්වා අවස්ථා කිහිපයකදී අධිකරණය කරුණු විමසූ අතර ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් අවසානයේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු අවසන් වරට බෝම්බය සැලසුම් කරන වකවානුවේ කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ  නිවසක කුලියට පදිංචිව සිටියේය. එම කුලී නිවසට ලබාදී තිබුණ ලිපිනයේ දක්වා තිබුනේ කොළඹ 12 යෝන් වීදියේ පදිංචිකරුවෙකු බවයි. ඔහු සමග එම නිවසේ සිටියේ කටුවාපිටිය දේවාස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් කස්තූන් සහ සයින්දු මරුදු ප්‍රහාරක පිරිසද සමගය. කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවස අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර තිබුණු දැන්වීමකට අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ අරමුදල් යොදා මසකට රුපියල් 45000ක කුලියකට ඔවුන් කුලියට ගෙන ඇත්තේ වසරක කාලයකටය. මාස හයක අත්තිකාරමක් එකවර ගෙවමින් පසුගිය පෙබරවාරි මාසයේදී නිවස කුලියට ගෙන ඇති මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් පෙනී සිට ඇත්තේ කොළඹ පිටකොටුවේ පාවහන් වෙළඳසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ලෙසිනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *