තවත් කොවිඩ් පොකුරු ඇති වීමේ විශාල අවදානමක්.

තවත් කොවිඩ් පොකුරු රට පුරා ඇති වීමේ විශාල අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ සදහන් කලේය.

“මෙම පොකුරු ඇති වීම විශාල වශයෙන් බලපානුයේ ආයතනයක් තුල ඇතිවීමයි. පසුගිය වකවානුවේ විශාල පොකුරු ඇති වූයේ මේ ආකාරයටයි පොලීසිය, නාවික හමුදා  කදවුර, බන්ධනාගාරය වැනි ස්ථානයන් මීට නිදසුනක් ලෙස දැක්විය හැක. මෙවැනි ආයතනයක් තුල එක් අයෙකුගෙන් අනෙක් අයට පැතිරීම ඉතාම වේගවත් එවිට විශාල පිරිසක් නිරෝධායනය කිරීමට සිදුවෙනවා. මේ නිසා තම ආයතනය තුල සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන තර කිරීමට ආයතන ප්‍රධානීන් හට විශාල වගකීමක් තිබෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *