තවත් ක්ලේමෝ ‌‌‌බෝම්බ 2 ක් ‌සොයාගැනේ.

පසුගිය දා යුධ හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් හිටපු ltte සාමාජිකයාගෙන් ලැබුණු තොරතුරු මත යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ ඉඩමක වළදා තීබූ කිලෝ 15 බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.

සැකකරු සහ ඔහුගේ බිරිඳ , සහෝදරියක් දැනට අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවෙනවා.

මීට පෙර ද ඔහු රැදී සිටි නිවස පරික්ෂා කිරීමේ දී අත්බෝම්බ 5ක්, සී- 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, සජීවී පතරොම් 230 ක් ඇතුළු තවත් යුධ උපකරණ කිහිපයක් සොයාගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *