Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රට ආරක්ෂා කරන හැටි අනුර කුමාර කියයි

රට ආරක්ෂා කරන හැටි අනුර කුමාර කියයි

රට තුළ කිසිදු අන්තවාදී කණ්ඩායමකට භෞතිකව, මතවාදී ලෙස හෝ ක්‍රියාකාරිත්වයෙන් නැගීසිටීමට ඉඩ ලබා නොදෙන බවත්, ඒ තුළින් ජාතික සමගිය ගොඩනැගීමේ පළමු පියවර තබන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තලවතුගොඩ මොනාචි හෝටලයේ පැවැති නීතිඥ සංසදයේ හමුවකට එක්වෙමිනි.

එහිදී සිය අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ පැවසීය.

“රටක් ගොඩනගනවා කියන්නේ තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික වැඩක් නොවෙයි. එය සාමූහික ප්‍රයත්නයක්. මම එම සාමුහික ප්‍රයත්නයේ කොටස්කරුවෙක්. නියෝජනය කරන ඕන තනි පුද්ගලයෙක් නිසයි නියෝජනය තනි පුද්ගලයෙක් වන්නේ.

හැමෝටම ඇති ඛේදවාචක

“අද මෙතැනට කැඳෙව්වොත් බස් කොන්දොස්තර මහත්මයෙක් ඔහුටත් කියන්න තියෙනවා ඔහු නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳ විශාල ඛේදවාචකයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් කැඳවුවහොත් ඔහුටත් කියන්න තියෙනවා ඔහුගේ ක්ෂේත්‍රයේ එවැනිම විශාල ඛේදවාචකයන් ගැන. අපට කවර ක්ෂේත්‍රයක් අය හමුවුණත් ඔවුන්ට කියන්න තිබෙනවා තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳ විශාල ඛේදවාචක. අපි මෙය අවසන් කළ යුතු නැද්ද? අපේ ප්‍රධාන අපේක්ෂාව අරමුණ වී තිබෙන්නේ මේ විශාල ඛේදවාචකය අවසන් කිරීමටයි.

විවාද ඇති නැති දේ

“අපට ආර්ථිකය පිළිබඳ විවාද තිබෙන්න පුළුවන්. රාජ්‍ය අංශය පවත්වාගෙන යනවද අත්හරිනවද කියන එක පිළිබඳ විවාද තිබෙන්න පුළුවන්. හැබැයි අපට ප්‍රධාන දේවල් තුනක් පිළිබඳ විවාද තිබෙන්න බෑ. පළමු එක නීතියේ විධානයේ ආධිපත්‍යය අද තිබෙන්නේ කොතැනද? අද තිබෙන ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක්. ඒ නිසා අපේ රට ගොඩනැගීමේ පළමු පියවර ධනවත්ද දුප්පත්ද කියලා නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම. හැමදෙනාම නීතියට යටින් සිටිය යුතුයි. ඉතිහාසයේ අපි දැක්කා සමහර නීතියට උඩින් කටයුතු කරපු ආකාරය. එහිදී පරීක්ෂණ ආයතන ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණය යන මෙම ආයතන තුන ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

දෙවැනි එක  වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීම. ඒ ගැන අපට විවාදයක් තිබෙන්න බෑ. තුන්වැනි පියවර ජාතික ආරක්ෂාව හා ජාතික සමගිය.

ආරක්ෂාවට එල්ලවන තර්ජන

“රටක ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන 2ක් තිබෙනවා. එකක් අභ්‍යන්තර ආරක්ෂාවට එල්ලවන තර්ජන, ඒවා ගැටුම් හා කෝලාහල තත්ත්වයන් මත ඇතිවිය හැකියි. දෙවැන්න විදේශීය ආක්‍රමණයන් හරහා අපේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. මෑත කාලයේ ගත්තොත් අපේ රටට විදේශීය සන්නද්ධ හමුදාවක ආක්‍රමණයක් එන්නේ නෑ. අපට තියෙන්නේ
අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයක් තර්නජනයේ ස්වභාවය අනුව තමයි පියවර ගන්නේ. ඔබ හිතනවද අපට යළි ලංකාවේ ආණ්ඩුව සමග මුහුණට මුහුණ සටන් කරන සන්නද්ධ යුද්ධයක් ඇතිවෙයි කියලා. එහෙම යුද්ධයක් ඇතිවන්නේ නෑ. ඊට තියන ඉඩකඩ අඩුයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බැදී තිබුණේ සිංහල මුස්ලිම් ගම්මාන වෙන් කරන තැන. තර්ජනය කුමක්ද? ජන කොට්ඨාසයක් තුළ ආගමික අන්තවාදී කණ්ඩායම් නිර්මාණය වී අනෙක් ජන කොට්ඨාසයන්ට එල්ල කරන ලද ප්‍රහාරයන්, තර්ජනය තියෙන්නේ එතන. දකින දකින තැන යුද රථ හා හමුදා සෙබළු යොදවලා ඉන්නවා දැක්කම අපට දැනෙන හැගීම රට ආරක්ෂිත නෑ කියන හැඟීම. සමහරු කැමතියි එහෙම ආරක්ෂාවකට. හැබැයි අපේ ආරක්‍ෂාව එහෙම එකක් නෙමෙයි, අපේ ආරක්ෂාව තුළ කිසිදු අන්තවාදී කණ්ඩායමකට භෞතිකව, මතවාදී ලෙස හෝ ක්‍රියාකාරියන් නැගීසිටීමට ඉඩ ලබා නොදීම අපේ පළමු පියවරයි.අපේ රටේ පාරේ බැරියර් නැති, හමුදා බට කණ්ඩායම් නැති ආරක්ෂාවක් නිර්මාණය කිරීම තුළින් අපේ රටේ ජාතික සමගිය ගොඩනැගිය හැකියි”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *