ඩෙංගු යළි හිස ඔසවයි

This females abdomen had become distended due to the blood meal she was ingesting, imparting the red coloration to her translucent abdominal exoskeleton.
මෙම මාසයේ ගත වූ මුල් දින 17ක කාලය සීමාව ඇතුළත මෙරටින් ඩෙංගු උණ රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඉන් රෝගීන් 74ක්ම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, රෝගීන් 54 ක් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මෙම මාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 17 දෙනකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
2020 වර්ෂයේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන්ගේ ගණන 29,133 ක් වන අතර ඉන් රෝගීන් 4119 දෙනෙකු කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇත.
වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි කාලයේ ඇරඹෙන වැසි සමයත් සමගම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් ඇති බැවින් ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කර අවට පරිසරය ශුද්ධ පවිත‍්‍රව තබා ගන්නා ලෙසටයි.
