Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඩෙංගු පිළිබදව අවධානය ගිලිහුණොත් රටේ ව්‍යසනකාරී තත්වයක් ඇතිවෙයි – පවිත්‍රා වන්නිආරච්චි

ඩෙංගු පිළිබදව අවධානය ගිලිහුණොත් රටේ ව්‍යසනකාරී තත්වයක් ඇතිවෙයි – පවිත්‍රා වන්නිආරච්චි

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇත. ඒ අනූව ඉදිරිකාලය තුල ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇත.

ඒබැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි.

විශේෂයෙන්ම නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමෙී ප්‍රවනතාවක් පෙන්නුම් කර ඇති බවත් , රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර ) හා නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී ද ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යාලේඛන පිරික්සිමේදී අනාවරණය වන බවද අමාත්‍යතුමීය පෙන්වා දෙයි.

අමාත්‍යතුමීය මෙම කරුණු අවධාරණය කළේ, (29) දින ඩෙංගු මර්ධනය සදහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමග පැවති සාකච්ජාවකදීය.

දැනට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවධානය ගිලිහී ගිය හොත් රටතුළ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙහිදී අනාවරනය විය.

පසුගිය සංඛ්‍යා ලේඛණ පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේදී ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් ඒම නිසා මෙය මර්ධනය කිරීම සදහා ක්ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසටද , කොරෝනා වසංගතය හේතුවෙන් මේවන විට තාවකාලිකව ඉදිකිරීම් නවතා දමා ඇති සියලු ඉදිකිරීම් ස්ථාන පිළිබදව විශේෂ අවධානයක් යොමුකර මදුරු ව්‍යාප්තිය මර්ධනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග ද කඩිනමින් ගන්නා ලෙසට මෙහිදී අමාත්‍යතුමීය විසින් නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගනී. පළමු වරට ඩෙංගු රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965- 1966 වසරවලදීය. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුල සිදුවී ඇත. මෙම තත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරෙක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පලිහවඩන, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *