ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අවසර ලබාදී තිබේ.
“ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020” තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කළ බවට ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බලා විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් ඥානදීපන් සිවජෝති, ඩිලන්ත මාලගමුව සහ විජිත බණ්ඩාර රණරාජා නමැත්තන් චෝදනා ලැබ සිටී.