ටිපර් රථයක් අඩි 70ක් ප්‍රපාතයට

මහියංගනය – මහනුවර මාර්ගයේ 18 වංගුවට පහළ ගුරුළුපොත ප්‍රදේශයේදී වැලි පැටවූ ටිපර් රථයක් අද අනතුරට ලක්ව පුද්ගලයෙක් මියගොස් තිබේ.

63 කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථය අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදුව ඇති බවය.

ටිපර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරි රථයේ සහයක ලෙස සිටි රථයේ හිමිකරු මියගියේය.

එලෙස මියගොස් ඇත්තේ උඩවත්ත ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 21ක අයෙකි.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මේවන විට මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *