ට්විටර් සම නිර්මාතෘ එම සමාගමේ ප්‍රධාන විධායක ජැක් ඩෝර්සිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙක් ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මිලියන හතරකට අධික ට්විටර් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින ජැක් ඩෝර්සිගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇතැයි වාර්තා වේ.
ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති ජංගම දුරකථන අංකය අයත් දුරකථන සේවා සමාගමේ ප්‍රමාද දෝෂයකින් මෙම තත්ත්වය ඇති වී ඇති බවත් මේ හේතුවෙන් ලොව බොහෝ ට්විටර් පරිශීලකයින් පිරිසක් සිටින ට්විටර් සමාගම දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් කියවේ.
(උපුටා ගැනීම – බීබීසී / Image – Evening Standard)