හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ Design Point (Pvt.) Ltd. හි හිමිකරු හේමන්ත ලලිත් ද සිල්වා මහතා දූෂණ චෝදනා සහ ඊට අනුබල දීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්ගොල්ලේ පිහිටි රාජපක්ෂ ශාලාව සඳහා පුටු මිලදී ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන නීති හා ක්‍රියාපටිපාටි උල්ලංඝනය කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
සුදුසුකම් සපුරමින් අවම ලංසුව ඉදිරිපත් කළ ආයතනයට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවට, Design Point (Pvt.) Ltd. වෙතින් එම පුටු මිලදී ගැනීමට කටයුතු කර ඇති බවට කොමිසම චෝදනා කර තිබේ.
එම තීරණය හේතුවෙන් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්, බාහිර පාර්ශ්වයකට අයුතු ප්‍රතිලාභයක් ලබා දී ඇති බවත් අල්ලස් කොමිසම පවසයි.
සැකකරුවන් දෙදෙනාම අද පෙරවරු 9.30ට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



