ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ජිවන් කුමාරණතුංග මහතා අතුරලියේ රතන හිමිගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වීමට තීරණය කර තිඛේ.
ඒ අනුව ජිවන් කුමාරණතුංග මහතා රාජගිරියේදී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කරනු තැබුවා. පොහොට්ටුව ලකුණි ලකුණ යටතේ තරග කිරිමට ඔහු සුදානමින් සිටියද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවට ජිවන් කුමාරතුංග මහතාගේ නම ඇතුලත් කර නොතිබු බවට වාර්තා වෙයි.
මේ අතර බොදු බල සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිද, ශ්‍රීලනිප හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතාද රතන හිමිගේ අපේ ජන බල පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තා වේ.