ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වෙන්න – සජිත්

කුමන ගැසට් නිවේදනයක් නිකුත් කළත් තම පක්ෂය 16 වැනිදා සංවිධානය කළ විරෝධතා රැළිය පවත්වන බව සමගි ජන බලවේගය පවසයි.

ඒ අනුව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව මහපාරට බැහලා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට පෙරට එන්න කියලා. “

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සමගි ජන බලවේගය විසින් ‘සාපය දැන් ඇති අපි එනවා කොළඹට’ යනුවෙන් එළඹෙන 16 වැනිදා කොළඹ හයිට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා රැළිය සඳහා ලබාදී තිබූ අනුමැතිය අවලංගු කිරීමට පියවර ගෙන තිබුණි.

එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *