මැදමුලනෙන් ගෙනත් 10,000ක් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ – බන්දුල

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවට මුදල් අමාත්‍යවරයාට ඉතා ජනප්‍රිය තීන්දුවක් ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නමුත් එය දීමට හැකියාවක් නොමැතිවීම ගැටලුව බව අමාත්‍යවරයා සඳහන් කරයි.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය  ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“එක සැරයක් බනිනවා බදු අඩුකරාය බදු නැතිකර ගත්තාය කියලා. පැනෙව්වාම බනිනවා බදු පැනෙව්වාය කියලා. පාර්ලිමේන්තුව මෙහෙම නම් හැසිරෙන්නේ රටේ මූලික ප්‍රශ්නයට දෙන විසඳුම මොකක්ද? රුපියල් 10,000කින් වැටුප් වැඩිකරනවා කියලා මුදල් ඇමතිතුමාට ජනප්‍රිය තීන්දුවක් කිව්ව හැකියි. එතකොට කාගෙන් හරි ගන්න එපැයි. මැදමුලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙම ගේන්න බෑ. වැටුප වැඩි කරන්න කියලා උද්ඝෝෂණ ඇති වෙනවා. මෝඩ ආණ්ඩු විසින් හිටපියව් කියලා පඩි වැඩි කරනවා. බඩුමිල පසුපස වැටුප්, වැටුප පසුපස බඩුමිල. වැටුප් දඟර උද්ධමනයක් ඇති වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *