අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද(20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බවයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 හා 40/1 යන යෝජනාවලින් ඉවත් වීමට නියමිතයි.
අද දිනයේ දී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ දී මේ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවත් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය.